(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන අශෝක් කුමාර් සිංග මුත්තු මහතා අද (21) බහුතර ඡන්දයෙන් තේරීපත් විය.
ඌව පළාත් පාලන කොමසාරිස් එම් මංගල විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්විණි.
අශෝක් කුමාර සිංග මුත්තු මහතා ඡන්ද නවයක් ද අසංක සල්ගාදු මහතා ඡන්ද හතරක්ද ඉන්දික ශ්‍රී ගුණවර්ධන මහතා ඡන්ද තුනක්ද ලබාගත් අතර සිව් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂයේ අයවැය දෙවන වරටත් ඉදිරිපත් කිරීමේ දී පරාජයට පත් වූ බැවින් නවක සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම සිදු වී තිබුණි